මේ දිනවල සොරකම් නොකරන  මීනි නොමරන තරුණ නායකයන් නිර්මාණය කරනවා – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග

192

සොරකමින් තොර, මිනී නොමරන, රට වෙනුවෙන් කැප වන තරුණ නායකයන් මේ දිනවල තමන් නිර්මාණය කරමින් සිටින බව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

නිට්ටඹුව රන්පොකුණුගම මහා විද්‍යාලයේදී පෙරේදා (09 දා) පැවති ධර්ම දේශනාමය පිංකමකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියාය.

පවුල් පාලනයක්ම අවශ්‍ය නොවන බවත්, රට වෙනුවෙන් වැඩ කළ හැකි තරුණ නායකයන් ඕනෑ තරම් රට තුළ ඇති බැවින් ඔවුන්ව ඒ සඳහා පෙළගැස්වීම වෙනුවෙන් තමන් කටයුතු සිදු කරන බව ද ඇය කියා සිටියාය.

මෙහිදී “මැඩම්” වැනි කෙනෙකු නැවත පාලනයට එනවා නම් ජනතාව කැමති වනු ඇතැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළේ “මම දැන් නාකි වැඩියි” යනුවෙනි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment