ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව ඊයේ කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කර ඇත. එහිදී සමාගමේ ප‍්‍රතිරූපයට සහ කීර්තියට හානි කරමින් පදනම් විරහිත සහ අසත්‍ය ප‍්‍රකාශයන් සිදු කිරීම හරහා සමාගමට සිදු වූ ගැනිය නොහැකි අලාභය සහ පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලීමටද සමාගම කටයුතු කළ බව පවසයි.
පසුගිය සැප්තැම්බර් 03 වැනි දින,ටෙලිකොම් සමාගම විසින් අර්බුදයට තුඩු දුන් ජාතික ඖෂධ සහ නියාමන අධිකාරියේ දත්ත ගබඩා කිරීමේ වගකීම දැරූ බවට නානායක්කාර මහතා පවසා සිටියේය.
ඒ අනුව ටෙලිකොම් සමාගම විසින් මනූෂ නානායක්කාර මහතා කරන ලද ප‍්‍රකාශයන් සමාගම වෙත අනර්ථයක් සිදුකිරීමේ සහ සමාගම අපකීර්තියට පත් කිරීමේ අරමුණින් කරන ලද බවට තහවුරු කරමින් අධිකරණ ප‍්‍රකාශයක් ඉල්ලා සිටින ලදී.
|