ඩයනාගේ අනාගතය

3351

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට තහවුරු වූ හිටපු සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ පාර්ලිමේන්තු සහ රාජ්‍ය ඇමැති වරප්‍රසාද භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ඉල්ලීමක් ඇත්නම් එය සිදුකළ හැකි බව පාර්ලිමේන්තුව තහවුරු කර තිබේ.ඩයනා ගමගේ එක්සත් රාජධානියේ පුරවැසියකු වීම නිසා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 8 වැනිදා තීන්දු කළේය.අනතුරුව ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රාජ්‍ය ඇමැතිවරියක ලෙස කටයුතු කළ කාලය තුළ ඇය වෙනුවෙන් කළ සියලු වියදම් අයකර ගන්නා ලෙස පාර්ලිමේන්තු විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් විය.මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසන්නේ එවැනි ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට මැදිහත් වීමට හැකි ශක්තිමත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවය. නමුත් පරීක්ෂණයක් කිරීමට හැකියාවක් පවතින බවයි.මැතිවරණ කොමිසමේ වගකීම මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බැවින් එවැනි කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අධිකරණ බලයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment