ඩයනා උසාවියෙන් තව දින ඉල්ලයි

39

තමන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ ද නැති ද යන කරුණ අධිකරණයට දැනුම්දීම සඳහා තවදුරටත් දින අවශ්‍ය බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම දැනුම්දීම හා ඉල්ලීම සලකා බැලූ ගාමිණි අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නඩුව ලබන ජූලි 17 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය. තමන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීම නිසා සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරනා බැවින් එම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඩයනා ගමගේ මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment