ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියට ස්වාධීන උපදේශන කමිටුවක්

58

එළැඹෙන ඩයලොග් පාසල් රග්බි ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ගුණාත්මක බව, විනය සහ ක්‍රීඩක සුරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සහයෝගය මත ස්වාධීන තාක්ෂණ උපදේශන කමිටුවක් පත් කරනු ලැබ ඇත.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන් පිරිසකගෙන් සැදුම්ලත් එම කමිටුව ලෝක රග්බි ක්‍රීඩාවේ මූලධර්ම, සාරධර්ම සහ මාර්ගෝපදේශයන් සහ නියාමනයන්ට අනුව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයට උපදෙස් සහ මඟපෙන්වීම සිදු කරනු ඇත.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, පොලිස් ක්‍රීඩා සමාජයේ සහ ජාතික කණ්ඩායමේ හිටපු නායක සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්. එච්. මාර්සෝ, ශ්‍රී ලංකා රග්බි හිටපු සභාපති ලසිත ගුණරත්න, ලෝක රග්බි සංගමයේ සුදුසුකම් ලත් විනිශ්චය නිලධාරී අරුණ ජයසේකර, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති රංජිත් චන්ද්‍රසේකර, ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳ වෛද්‍ය විශේෂඥ සහ ආසියානු රග්බි සංගමයේ සහ ලෝක රග්බි සංගමයේ තරග දින වෛද්‍ය වෛද්‍ය නමිත් සංකල්පන සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය කේ. ඒ. පී. කිරිඇල්ල යන මහත්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වේ.

ඡායාරූපයේ (වමේ සිට) මනුජ නිම්මාන – ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය, පොලිස් ක්‍රීඩා සමාජයේ සහ ජාතික කණ්ඩායමේ හිටපු නායක සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්. එච්. මාර්සෝ, ලෝක රග්බි සංගමයේ සුදුසුකම්ලත් විනිශ්චය නිලධාරී අරුණ ජයසේකර, ශ්‍රී ලංකා රග්බි හිටපු සභාපති ලසිත ගුණරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සහ ආසියානු රග්බි සංගමයේ සහ ලෝක රග්බි සංගමයේ තරග දින වෛද්‍ය, වෛද්‍ය නමිත් සංකල්පන, ක්‍රීඩා වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය කේ. ඒ. පී. කිරිඇල්ල සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති රංජිත් චන්ද්‍රසේකර, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ යන මහත්වරු ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment