ගුවන් හමුදාව සහ සී.ආර් ඇන්ඩ් එෆ්.සී.ට ජය

56

‘නිපෝන් පේන්ට් අභියෝග කුසලාන’ ප්‍රදානය උදෙසා දැන් ක්‍රියාත්මක අන්තර් සමාජයීය පිරිමි ලීග් රග්බී පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් පෙරේදා (22දා) පැවති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කර ගැනීමට ගුවන් හමුදාව සහ සී.ආර් ඇන්ඩ් එෆ්. සී. යන දෙපිල සමත් විය.

තම අපරාජිත බව සනාථ කර ගෙන සිටින මහනුවර සමාජයට පසුව වැඩිම ජයග්‍රහණ සටහන් කර ගත් කණ්ඩායම බවට පත්වන්නට සී.ආර් ඇන්ඩ් එෆ්.සී. පිලට හැකියාව ලැබිණ. සී.ආර්. පිල වාර්තා කර ගෙන ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 06 කි.

ලොන්ඩන් පෙදෙසේදී නාවික හමුදාව ලකුණු 33 – 27 කින් පරාජයට පත් කරමින් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල ජය ලැබූ අතර පනාගොඩ දී ගුවන් හමුදාව හමුවේ ලකුණු 27 – 19 ක් ලෙස පරාජය ලැබීමට යුද හමුදාවට සිදු විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment