අපිට තෙල් ගන්න ඩොලර් ප්‍රමාණවත් නෑ – ඇමැති කංචන විජේසේකර

542

අපට භාරදුන්න රාජකාරිය කැපවීමෙන් සිදු කරනවා. රටට අවශ්‍ය ඉන්ධන ඇනවුම් සිදු කරලා තියෙනවා. අලුත් පිරිපහදුවක් හදන්නත් සැලසුම් කළා. විදුලි

බලාගාර ඇති කරන්නත් සැලසුම් කර තිබෙනවා. ඉන්ධන ආනයනය කරන වැඩපිළිවෙලටත් එක්වන ලෙස විපක්‍ෂයට ආරාධනා කරනවා.

අපට තෙල් ගන්න ඩොලර් ප්‍රමාණවත් මදි. පසුගිය කාලයේ රටට ඩොලර් එවන්න එපා කියලා මතයක් හැදුවා. මේවා රටේ ජනතාවටමයි බලපාන්නේ. පිරිපහදුව වහලා මාස 3 ක් තිබුණා කවුරුත් කතා කළේ නැහැ. දැන් පොඩි ප්‍රමාදයක් ආවත් වෘත්තීය සමිති බොරු මත පතුරුවා වර්ජනය කරනවා.

ඉන්ධන පිරවුම්හල් වටා ඒකාධිකාරියක් ඇතිවී තිබෙනවා. අනුර කුමාර බලශක්ති ඇමැති වුවත් අගමැති වුවත් මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. එනිසා අපි සියලුදෙනා එක්ව අර්බුදයට මුහුණ දෙමු.

අපිට තෙල් ගන්න ඩොලර් ප්‍රමාණවත් නෑ - ඇමැති කංචන විජේසේකර

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment