පීල්ලෙන් පිට පැන පියයුරු පිළිකාවට බෙහෙත් ගෙන්වූ  ඖෂධ අධිකාරියේ කළු කෝට් කත ගැන විමර්ශනයක්

281

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීති අංශයේ ඉහළ නිලධාරිනියක් සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන, සැපයීම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම නිලධාරිනිය විසින් සිදුකර ඇතිබව කියන අක‍්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස තමා උපදෙස් දුන් බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ‘දිවයින’ කළ විමසීමේදී පැවැසීය.

නීති අංශයේ කටයුතු කරමින් සිටින මෙම නිලධාරිනිය පසුගිය යහපාලන කාලයේදී කොන්ත‍්‍රාත් පදනම මත සේවයට බැඳී ඇති අතර එම කාලයේදී සිදුවූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ඇයට විරුද්ධව චෝදනා එල්ල වී ඇත.

මෙරටට ඖෂධ ගෙන්වන සමාගම්වලට ඖෂධ ආනයනය ස`දහා බලපත‍්‍ර ලබාදීම සම්බන්ධයෙන් කටයුතුවලට මෙම නිලධාරිනිය සම්බන්ධවී ඇති බවට අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වී ඇත. පියයුරු පිළිකා ස`දහා ප‍්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ ආනයනය කිරීම ස`දහා නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්ද මැයට චෝදනා එල්ල වී ඇත.

මෙම නිලධාරිනිය කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක් හැදෑරීම ස`දහා රුපියල් ලක්‍ෂ හතරක පමණ මුදලක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබාගෙන ඇති බවද වෘත්තීය සමිති ප‍්‍රකාශ කර සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment