UCMAS ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් දරුවන් 62 ක් මැලේසියාවට…

75

දෙසැම්බර් මස 03 වැනිදා මැලේසියාවේ ක්වාලාම්පූර් නුවර අති උත්කර්ශවත් ලෙස පැවැත්වෙන UCMAS ජාත්‍යන්තර ඇබකස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දරුවන් 62 ක් සහභාගි වීමට නියතය. ඇබකසය මුල් කර ගත් ලොව දැවැන්තම මනෝමය ගණිත තරගාවලිය වන්නේද මෙයයි. මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 80 කට වැඩි ප්‍රමාණයක දරුවන් දහස් ගණනක් සහභාගි වන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙතරම් විශාල දරුවන් ප්‍රමාණයක් මෙම තරගාවලිය සඳහා සහභාගි වන්නේද ප්‍රථම වතාවටය. එය රටක් හැටියට ශ්‍රී ලංකාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් හා කීර්තියකි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු UCMAS ශ්‍රී ලංකා හි සභාපති සහ ප්‍රධාන විධායක විජේ ශිවශංකර් මහතා සඳහන් කළේ නව කළමනාකාරිත්වය සහ නව දැක්මක් යටතේ UCMAS ශ්‍රී ලංකා දැන් විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවා. දරුවන්ට හොඳම අධ්‍යාපනයක් ලබා දී ඔවුන් හෙට ලොව ජයගන්නා අති දක්ෂයන් බවට පත්කිරීම අපගේ අරමුණයි. අපගේ ශාඛා දිවයින පුරා විහිදී පවතිනවා. ඒවායේ දරුවන් දහස් ගණනක් අධ්‍යාපනය ලබනවා. පසුගිය අගෝස්තු මස UCMAS ශ්‍රී ලංකා ජාතික තරගාවලිය දරුවන් 2000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹදී අති දැවැන්ත ලෙස පවත්වන්නට අපට හැකිවුණා.

රටපුරා පිහිටා ඇති UCMAS ශාඛාවල අධ්‍යාපනය ලබන අති දක්ෂ දරුවන් 62ක් ජාත්‍යන්තර තරගාවලිය සදහා සහභාගි වෙනවා. එය අපේ රටට විශාල ආඩම්බරයක්. අපේ රටේ දරුවන් ඉතාම දක්ෂයි. මේ තරගාවලියේදීත් අපේ දරුවෝ විශාල ලෙස දස්කම් දක්වාවි යැයි අපි විශ්වාස කරනවා. ඉදිරියේදීත් අපේ රටේ දරුවන් ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ගෙනයෑමට අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

ඇබකසය මුල්කරගත් මනෝමය ගණිත කුසලතා සංවර්ධන වැඩසටහනක් වන UCMAS වයස අවුරුදු 04 ත් 13 ත් අතර දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය විශාල ලෙස වැඩිකර ඒකාග්‍රතාව, නිරීක්ෂණය, මතකය, පරිකල්පනය, නිර්මාණශීලිත්වය, විනිශ්චය, විශ්ලේෂණය, තර්කනය, ආත්ම විශ්වාසය යන කරුණු 09 දරුවන්ට ඇතිකර ගණිතය මෙන්ම සියලු විෂයන්හි දක්ෂයෙකු බවට දරුවා පත්කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි.

මෙය 1993 දී මහාචාර්ය ඩිනෝ වොන් විසින් ලොවට හඳුන්වා දුන් අතර මෙම සංකල්පය සංවර්ධනය කිරීම සඳහා ලොව විශිෂ්ට බුද්ධිමතුන් රාශියක් දායක වී ඇත. දැනට ලොව රටවල් 84 කට අධික ප්‍රමාණයක UCMAS ශාඛා 6000 කටත් වඩා ක්‍රියාත්මක අතර, දරුවන් මිලියන 03 කටත් වඩා ප්‍රමාණයක් ඉතා සාර්ථකව අධ්‍යාපනය ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment