පන්සලේ රොකීගේ සමුගැනීම ගමක් හඬවයි

127

පින් පමුණුවන්නත් මහ පිරිසක්

කැලණිය ගල්බොරැල්ල ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ කුඩා කල සිට සිව් වසරක් පුරාවට ආයු ලැබ ජීවත්ව මහසඟරුවනේ ඒවාගේම කුඩා දරුවාගේ සිට වැඩිමහලු කොයිකාගේත් ආදරය සැලකලි මත කාලය ගතකළ ‘රොකී’ නම් සුනඛයා පසුගියදා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගියාය.

මේ හේතුව මත එකී සත්වයාට ආදරය කරුණාව දැක්වූ විහාරස්ථ මහ සඟරුවන මෙන්ම සෙසු සියලු දෙනා ද මහත් කම්පාවට පත්විය. අනතුරුව විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති වැලිවැවේ තිලකසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි පසුගිය බක්පුර පසළොස්වක පොහෝ දින මෙන්ම රොකී මියගොස් සත් දිනක් පිරුණු පසුගිය 25 දින මෙම සත්වයාගේ මතු ආත්මභාවය සත්ව ආත්මයෙන් මිදී යහපත් පිංවත් ආත්ම භවයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කොට ගිලන්පස බුද්ධ පූජාවක් ද පසුදින දානමය පිංකමක් ද ඉටුකරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ බොහෝ පිරිසක් එක්ව සිටියහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ රොකී වෙනුවෙන් පැවති සම්බුද්ධ පූජාව විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති වැලිවැවේ තිලකසිරි හිමියන් මෙම අවස්ථාවට එක්වූ සැදැහැවතුන් සමග බුදු මැඳුර කරා රැගෙන ගිය අයුරුයි.

ඡායාරූපය – නන්දලාල් සමරවීර – කැලණිය අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment