කැනඩාවට එරෙහි ලද ජය සමග බෙල්ජියම ලෝක වාර්තාවක් සම කරයි

332

පාපන්දු ලෝක කුසලාන තරගාවලිවලදී කාණ්ඩ තරග යටතේ බ්‍රසීලයට පසුව එක දිගට තරග 8ක් ජයගත් දෙවැනි කණ්ඩායම බවට පත්වීමට බෙල්ජියම ඊයේ (24 දා) සමත් විය.

කැනඩාව හමුවේ ඊයේ පැවති තරගය 1-0ක් ලෙස ජය ගනිමින් බෙල්ජියම එම වාර්තාවට සමීප විය. මීට පෙර බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන තරගවලදී කාණ්ඩ යටතේ තරග 8ක් එක දිගට දෙවරක් ජයග්‍රහණය කර ඇත. බෙල්ජියම ඊයේ එම වාර්තාව හා සම තැන් ගත්තේ එක දිගට තරග 8ක් ජයගත් දෙවැනි කණ්ඩායම ලෙසය.

එම ජයග්‍රහණයත් සමග එෆ් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බෙල්ජියම සමත් විය. කැනඩාව හතරවැනි තැනට පත් විය. බෙල්ජියම වෙනුවෙන් ටොබි ඇල්ඩර්වියරල්ඩ් එම ගෝලය වාර්තා කළ අතර අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment