අස්වැසුම අභියාචනා හා විරෝධතා සලකා බැලීම දිස්ත්‍රික් ලේකම් මට්ටමින් – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

392

‘අස්වැසුම’ සුබසාධන දීමනා සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කරනු ලබන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාල සීමාව ඉකුත් පෙරේදා (10දා) අවසන් විය.

මෙම අස්වැසුම දීමනා සම්බන්ධයෙන් අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් ලැබී ඇති බවත් මේවා ගැන සලකා බැලීම ආරම්භ කිරීමට කටයුතු සූදානම් බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු වන බව ද හෙතෙම අවධාරණය කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment