අයිපීඑල් කාලසටහනේ කොටසක් එළි දකී

155

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ පළමු සති දෙක සඳහා තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය මාර්තු 22 වැනිදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතය. ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන දින තවමත් ප්‍රකාශයට පත් වී නොමැති බැවින් මාර්තු 22 වැනිදා සිට අප්‍රේල් 7 වැනිදා දක්වා පළමු තරග 21 සඳහා පමණක් එම අර්ධ කාලසටහන නිකුත් කර තිබේ. එම මැතිවරණ දිනයන් ප්‍රකාශයට පත්කළ පසු ඉතිරි කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

අයිපීඑල් කාලසටහනේ කොටසක් එළි දකී
advertistmentadvertistment
advertistmentadvertistment