ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය වාර්තා කරන්නේ මෙම අත්අඩංගුවට ගැනීම කොළඹ කුරුඳුවත්තේදී සිදු කර ඇති බවයි .
එම තොරතුරු අනුව , 52 හැවිරිදි සැකකරු ප්‍රියසාද්ගේ ඝාතනයට වගකිව යුතු තුවක්කුකරු බවට විශ්වාස කෙරේ. ඔහු ප්‍රියසාද්ගේ සහෝදරයාගේ ඝාතනයට ද සම්බන්ධ යැයි සැක කෙරේ .තව දුරටත් පොලිස් විමර්ශන කටයුතු සිදුවේ.
|