ඩෑන්ගේ ඝාතනය ගැන යුක්තිසහගත පරීක්‍ෂණයක් ඕනෑ – ඉරාජ් වීරරත්න

4

ඇතැම් සමාජ මාධ්‍යවල හැසිරිමත් කනගාටුදායකයි

සමාජයේ අසාධාරණයන් වෙනුවෙන් හඬ නැගූ ඩෑන් ප්‍රියසාද් වැනි සමාජ ක්‍රියාකාරිකයකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහා පරීක්‍ෂණයක් පවත්වා රටට සත්‍යය හෙළි කළ යුතු බව ප්‍රවීණ ගායන ශිල්පි ඉරාජ් වීරරත්න මහතා ඊයේ (24දා) පැවසීය. වර්තමානයේ දිනපතා රාත්‍රි කාලයේ මිනිස් ජීවිත වෙඩි උණ්ඩයට බිලිවීම රටේ භයානක තත්ත්වයක් බව ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ ඉරාජ් වීරරත්න මහතා මෙසේද කියා සිටියේය.

ඩෑන්ව මම ආශ්‍රය කරන්න අරන් කෙටි කලක් වෙනවා. ඔහුගෙන් අපට ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. හැම වෙලාවෙම සමාජ අසාධාරණයට එරෙහිව කතා කළා. ඔහු මෙවර කොළොන්නාව නගර සභාවට තරග කරන්න හිටියේ.

මේ විදිහට රටේ අහිංසක ජනතාව ඝාතනය කරනවානම් ඉතාම භයානක තත්ත්වයක් රටේ තියෙන්නෙ. අනිත් එක ඇතැම් සමාජ මාධ්‍යයත් බොහොම ජරා විදිහටයි හැසිරෙන්නෙ. කෙනෙකු මැරුනම සමාජ මාධ්‍ය හරහා සතුටු වන පිරිසක් ඉන්නවා. රටේ නායකයා හැටියට ජනාධිපතිතුමා මේ වෙලාවේ කෙලින් ඉන්න ඕන. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ රටේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න කියලයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය


advertistmentadvertistment