ණය ප්‍රතිව්‍යුහගත කළ පසු රජයේ ණය ගෙවීම අමාරු නෑ

77

මහ බැංකු අධිපති විශ්වාසය පළ කරයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව රජයේ ණය ගෙවාගෙන යෑම රජයට අපහසු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ප්‍රතිව්‍යුහගත කරන්න කලින් විදේශ විනිමය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9.2 ක් පමණ තිබුණ බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව එම ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.5 කට වඩා අඩු කරගැනීමට අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපතිවරයා කියයි. ඒ අනුව දිගුකාලීනව ගත් විට රජයේ වාර්ෂික ණය වගකීම භාගයකින් පමණ අඩුවනු ඇති බවත් එවැනි ප්‍රමාණයකින් ණය ගෙවාගෙන යෑම (ණය සේවකරණය) රජයට අපහසු වන්නේ නැති බවත් මහ බැංකු අධිපතිවරයා පවසයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් රජයේ ණය ගෙවාගෙන යෑමේ හැකියාව (ණය තිරසාරත්වය) තහවුරු කරගත හැකිවනු ඇති බවත් එය ඉතා වැදගත් සහතිකයක් වනු ඇති බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කියා සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment