ආනන්ද පාලිත සංජීව ධම්මික රිමාන්ඩ්

122

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත්කොට තිබූ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන මහත්වරුන් හෙට

( 26 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (24 දා) නියෝග කළේය. ලැබුණු පැමිණිලි අනුව පරීක්‍ෂණ පැවැත්වූ කොල්ලුපිටිය පොලිසිය එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment