තමිල්නාඩුවේ කහ කුහුඹු උවදුර හේතුවෙන් සත්ත්ව ගොවිපළ හා වගාවන්ට හානි

245

ලොව දරුණුම ආක්‍රමණික කෘමි විශේෂයක් සේ සැළකෙන උමතු කහ කුහුඹුවන් හෙවත් ‘යෙලෝ ක්‍රේසි ඇන්ට්ස්’ නමැති කෘමි විශේෂය විසින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම් හතක පිහිටි සත්ත්ව ගොවිපළ හා වගාවන්ට දරුණු හානි සිදු කිරීම හේතුවෙන් ගොවීන් විශාල පිරිසකට දැඩි අලාභහානියක් සිදුව ඇති බව වාර්තා වී ඇත.

මෙම කහ කුහුඹුවන් මිනිසුන්ට දෂ්ට කිරීම හෝ සපා කෑම සිදු නොකළ ද ‘ෆෝර්මික්’ නමැති අම්ලය විදීම හේතුවෙන් මිනිසාට එමගින් යම් ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදු වන බව හෙළි වී තිබේ. පරිසරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමයට අනුව මෙම කුහුඹු විශේෂය ලොව සිටින දරුණුම ආක්‍රමණික කුහුඹු විශේෂයකි. මෙම කුහුඹු විශේෂය විසින් අදාළ ගම්වල සත්ත්ව ගොවිපළ ආක්‍රමණය කර පහර දීම හේතුවෙන් එම

ගොවිපළවල ඇති දැඩි කරන සතුන් මෙන්ම නයි හා හාවන් පවා මරණයට පත්ව ඇති බව වාර්තා වී තිබේ. මෙම කුහුඹුවන් සත්ත්වයන්ගේ ඇස්වලට ‘ෆෝමික්’ අම්ලය විදීමෙන් ඔවුන්ට ජීවිත හානි සිදු කරන බව හෙළි වී ඇත.


advertistmentadvertistment