තඹලගොල්ලෑවට ආ ඇතින්න සහ පැටවා වගා ළිඳෙන් ගොඩ ගැනෙති

1

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, තඹලගොල්ලෑව ප්‍රදේශයේ අතහැර දැමූ හේන් වගාවක කපා තිබූ, අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි ඇතින්නක් සහ ඇගේ කුඩා පැටවා පෙරේදා (08දා) පස්වරුවේ මුදා ගැනීමට අනුරාධපුර වනජීවී නිලධාරීන් කටයුතු කළේය.

එදින එම ප්‍රදේශයට ගවයින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මෙම ඇතින්න සහ පැටවා වගා ළිඳේ වැටී සිටිනු දැක තිබුණි. අනතුරුව ඒ පිළිබඳව ගම්වාසීන් දැනුවත් කිරීමට එම පුද්ගලයා කටයුතු කර තිබුණි. ඒ අනුව අනුරාධපුර වනජීවී කාර්යාලයට කළ දැනුම් දීමෙන් අනතුරුව මෙම මුදා ගැනීමේ මෙහෙයුම සිදු කෙරුණි. ගම්වාසීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ සහයෝගයෙන් පැය දෙකකට වැඩි කාලයක මෙහෙයුමකින් අනතුරුව මෙම ඇතින්න සහ පැටවා නිරුපද්‍රිතව මුදා ගැනීමට වනජීවී නිලධාරීන් හට හැකිවිය. අනතුරුව වනජීවී නිලධාරීහු එම ඇතින්න සහ පැටවා කැලයට පන්වා හැරීමට කටයුතු කළහ.

මැදවච්චිය – ගයාන් උතුරුමැද

advertistmentadvertistment
advertistmentadvertistment