ත‍්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත 22 වැනිදා පාර්ලිමේන්තුවට

124

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) නමැති මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා පෙරවරු 11 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් කිහිපදෙනකුම මේ වන විට අධිකරණයට පෙත්සම් රැසක් ඉදිරිපත් කර ඇත. මෙම කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ ගණනාවක්ම මේ වන විට විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන


advertistmentadvertistment