ඉන්දියාවට අයත් කාශ්මීරයේ පහල්ගම්හි පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 26 දෙනකුගේ ජීවිත අහිමි වීමේ සිද්ධිය හෙළාදකිමින් ඊයේ (25දා) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුරකථන ඇමතුමක් දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත දුරකථන ඇමතුමක් දී තිබේ.
විනාඩි 15ක් පමණ දෙරටේ නායකයන් දුරකථන සංවාදයේ නිරතව ඇත.
මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් තමා මහත් කම්පාවට පත් වූ බව මෙහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සෑමවිටම ඉන්දියානු ජනතාව සමග සහෝදරත්වයෙන් බැඳී සිටින බවද පවසා ඇත.
මේ ම්ලේචඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
|