ත්‍රිමලේදී කාර් එකක් පෙරළී හය හැවිරිදි දැරියක් මියයයි

218

තවත් දැරියක් හා දෙමාපියෝ රෝහලේ

ත්‍රිකුණාමලය ඊච්චලම්පත්තු වට්ටවාන් ප්‍රදේශයේ දී ඊයේ (23 දා) මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අවුරුදු 6ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් වයස අවුරුදු 3 ක දැරියක් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ දැරියගේ පියා හා මව ද සිට ඇති අතර තුවාල ලැබූ ඔවුන් මුතූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරුකර යවා ඇත.

වැසි සහිත තත්ත්වය නිසා රියැදුරුට මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණ පවත්වන ඊච්චලම්පත්තු පොලිසිය සැක පහළ කරයි. මෙම පිරිස පැමිණ ඇත්තේ පේදුරුතුඩුව සිටය.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment