අත්‍යවශ්‍ය නඩත්තු සිදුනොකර ලංවීම ලොක්කෝ සැප විඳිනවා

262

– තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරි සංගමය

අයහපත් මූල්‍ය තත්ත්වයක් පවතින බව පවසමින් විදුලි බල පද්ධතියේ සිදු කළ යුතු අතශ්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු නොකර පාලනාධිකාරිය විසින් සුඛෝපභෝගී වාහන ගෙන්වීම ඉහළ නිලධාරීන්ගේ මූලික වැටුප මෙන් සියයට 250 කින් දීමනා ගෙවීම ඇතුළු වරප්‍රසාද රැසක් භුක්ති විඳිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසයි.

විදුලි බලාගාර, සම්ප්‍රේෂණ මාර්ග, අධිවෝල්ටීයතා උපකරණ සහ බෙදාහැරීමේ පද්ධතියේ සිදු කළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මූල්‍ය අපහසුතා නිසා යැයි පවසමින් සීමා කිරීම නිසා එම පද්ධතිවල විදුලිය සමඟ ඉතා අවදානම් සහිත රාජකාරී කටයුතුවල යෙදෙන සේවකයන්ගේ ජීවිත අනතුරට ලක්වන බවද එම සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා පැවසීය. එමෙන්ම නිසියාකාර නඩත්තු සිදු නොකිරීම නිසා බලාගාර හා පද්ධතියේ බිඳවැටීම් වැඩිවී ඇති බවත් එම හිඟ

පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවන බවත් ඔහු කියා සිටියේය.

මෙවැනි ප්‍රශ්න රැසක් තිබියදී පාලනාධිකාරිය කාර්යාල ගොඩනැඟිලි, අලංකාර කිරීම, ඉහළ නිලධාරීන්ට විදේශ සංචාර ලබාදීම, සුඛෝපභෝගි වාහන ගෙන්වීම, ඉහළ නිලධාරීන්ගේ මූලික වැටුප් මෙන් සියයට තිහකින් දීමනාව වැඩි කිරීමට රජය විසින් සියයට 60 ක් ලෙස උපරිම සීමා පනවා තිබියදී ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා රුපියල් බිලියන ගණන් වියදම් කරන බවටද ඒ මහතා චෝදනා කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment