ත්‍රිරෝදය-ටිපර් රථයක ගැටී ජ’පුර සරසවි සිසුවිය මරුට

1111

සුරතල් බලු පැටවත් ඇය සමගම අවසන් ගමනේ

කොළඹ – නුවර මාර්ගයේ කෑගල්ල මංගලගම ප්‍රදේශයේදී පෙරේදා (08දා) සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක ඇගේ සුරතල් බලු පැටවා ද සමග මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ රඹුක්කන, කුඩාගම, පොල්අට්ටාපිටිය පදිංචිව සිටි 26 හැවිරිදි සනුරි ඉසුරිකා වික්‍රමසිංහ නමැති ශිෂ්‍යාවකි. ඇය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිසුවියකි.

ඇය සමග ත්‍රිරෝද රථයේ ගමන් කළ ඇයගේ බාල සොහොයුරෙක් හා තවත් ඥාති සොහොයුරෙක් අනතුරින් තුවාල ලබා මේ වනවිට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබති.

මියගිය ශිෂ්‍යාව සිය නිවසේ ඇති කළ බලු පැටවාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පේරාදෙණිය ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

ටිපර් රථයේ රියදුරු පෙරේදා (08දා) කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණය කෑගල්ල මූලස්ථාන පොලිසිය සිදුකරයි.

මියගිය සිසුවිය ලබන සැප්තැම්බර් මාසයේදී උපාධිය ලබාගැනීමට ද අපේක්ෂාවෙන් සිටියාය.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment