ත්‍රිවිධ හමුදාවේ වැඩි පුරම පැන ගොස් ඇත්තේ යුද හමුදා සෙබළුන්

273

ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 ඊයේ දිනය වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය නිවේදනය කරයි.

ඉකුත් පෙබරවාරි මස 22වනදා සිට මාර්තු 05 වැනිදා දක්වා දින 11ක් තුළ  පොලීසිය හා යුද හමුදා පොලීසිය එක්ව සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් බහුතරයක් යුද හමුදා සමාජිකයෝ වෙති. එම සංඛ්‍යාව 535කි.

ඊට අමතරව නාවික හමුදාවේ 63 දෙනෙකුද ගුවන් හමුදාවේ 81 දෙනෙකුට මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


advertistmentadvertistment