පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (24දා) ආරම්භ වෙයි.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදිය අද දිනයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතය.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අයදුම්පත් 663,499ක් ලැබී ඇති නමුත් ඉන් 15,010ක් ප්‍රතික්ෂේප වී තිබිණි. ඒ අනුව ඡන්දදායකයන් 648,490 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.
තැපැල් ඡන්ද විමසීම පෙරවරු 8.00ට ආරම්භ වීමට නියමිතව ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා රාජ්‍ය ආයතනවලට පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ප්‍රැෆරල් සංවිධානය තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර දළදා වන්දනාව සඳහා රාජකාරි කරන පොලිස් හා ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට මධ්‍යස්ථාන 02ක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන ගැන ද ප්‍රැෆරල් සංවිධානය නිරීක්ෂණය කරනු ලබයි.
තැපැල් ඡන්ද විමසීම හෙට (25දා) සහ 28, 29 දිනවලදී ද සිදු කිරීමට නියමිතය.
රනිල් ධර්මසේන