කඳවුරෙන් අතුරුදන් වූ ටී 56 උණ්ඩ මැගසිනය වතුර බහින කාණුවක

106

පොල්හේන්ගොඩ යුද්ධ හමුදා පොලිස් සේවා බළකා කඳවුරේ අස්ථානගතව තිබූ ටී 56 උණ්ඩ තිහක් සහිත මැගසිනයක් කඳවුරේ ජලය බැස යන කාණුවක තිබියදී ඊයේ (9 දා) සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කිරුළපන පොලිසියට ද පැමිණිලි කර තිබිණි.

කඳවුර පරිශ්‍රයේදී ඊයේ (9 දා) සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම උණ්ඩ තොගය සහිත මැගසිනය හමුවී ඇත. සිවිල් කාර්ය මණ්ඩලය භාවිත කරන සනීපාරක්‍ෂක පද්ධතිය අසල ජලය බැස යන කාණුවක තිබියදී මෙය හමුවී තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment