ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගත් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව අද (23දා) සිට නොවැම්බර් මස 14 වනිදා දක්වා නිවාඩු අවලංගු කිරීම සිදුකර ඇති බවද කී ඒ මහතා කිසියම් අසනීප තත්ත්වයක් හෝ අත්‍යාවශ්‍ය කටයුතක් සඳහා නිවාඩු ලබාගැනීමට අවශ්‍ය නම් පළාතේ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව නිවාඩු අනුමත කර ගැනීමේ හැකියාව පවතින බවද කීය.