කිළිනොච්චියේ තැපැල් සේවකයකු ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදමින් සිටිය දී ඔහුට පහර දී ඒවා පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයකු කිළිනොච්චිය පොලිසිය විසින් ඊයේ (10දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය සිදුව ඇත්තේ කිළිනොච්චියේ ශාන්තපුරම් ප්‍රදේශයේදීය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් බෙදාදීමට ගිය තැපැල් සේවකයාට ලිපිනයක් සම්බන්ධයෙන් ගැටලුවක් පැනනැගී ඇති අතර ඔහු ඒ ලිපිනය ගැන අසල වෙළෙඳසල් හිමියකුගෙන් තොරතුරු විමසමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයකු තැපැල් සේවකාට බැනවැදී ඔහුට පහර දී ඇත. පසුව තැපැල් සේවකයා ළඟ තිබූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පැහැර ගැනීමට එකී පුද්ගලයා උත්සහ කළ අවස්ථාවේදී වෙළෙඳ සලේ සිටි පිරිසක් එම ක්‍රියාවට ඉඩ දී නැත. අදාළ තැපැල් සේවකයා මේ බව කිළිනොච්චිය ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව ඔහු පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් කිළිනොච්චිය පොලිසිය සැකකරු කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ