තියන සීනි විකුණන්නෙත් අලුත් මිලට තමයි කරන්න දෙයක් නෑ – බිස්නස් එහෙමයි – තොග ආනයනකරුවෝ කියති

419

ආනයනික සීනි කිලෝවක් මත තිබූ ශත විසිපහක විශේෂ බද්ද රුපියල් පනහ දක්වා වැඩිකිරීමත් සමග වෙළෙන්දන් ඊයේ (03 දා) සිටම සීනි මිල ඊට සාපේක්‍ෂව ඉහළ දමා තිබේ.

එක්තරා සමාගමක් බද්ද වැඩිකිරීමට පෙර සීනි මෙටි්‍රක් ටොන් 8300ක් පමණ මෙරටට ගෙනැවිත් ඇති අතර එම තොගය නව මිල ගණන් යටතේ අලෙවි කළ හොත් ඉන් රුපියල් මිලියන හාරසිය තිහකට අධික අමතර ලාබයක් උපයනු ඇතැයි තොග ආනයනකරුවෝ පවසති.

සාමාන්‍යයෙන් මාස දෙකකට පමණ ප්‍රමාණවත් සීනි ප්‍රමාණයක් මෙරට ගබඩාවල තිබෙන බවත් බද්ද ඉහළ දැමීම නිසා ඒවායේ මිල ද නව මිලට විකිණීම නතර කිරීමට නොහැකි බවත් ඔවුහු පවසති.

වෙළෙඳාම යනු ලාබ පාඩු දෙකම සහිත එකක් බවත් බද්ද වැඩි කිරීමට පෙර ගෙනා සීනි තොග පැරණි මිලට විකුණන්න යැයි කිසිවකුට බලකළ නොහැකි බවත් ඔව්හු කියා සිටිති.

ශිරාන් රණසිංහ


advertistmentadvertistment