කොමර්ෂල් බැංකුව සංකේතානුසාරයෙන් මෙන්ම වචනානුසාරයෙනුත් තිරසාර බව සඳහා වූ කැපවීම හුවා දක්වමින් 2024 වසර ආරම්භ කර ඇත.

දුටු පමණින් හඳුනා ගතහැකි නිල් පාටින් යුත් කොමර්ෂල් බැංකු ලාංඡනයට මින් පසු කොළ පැහැ අංගයක්ද එකතු වේ. ඒ තිරසාර බව, විවිධත්වය, අන්තර්ගතකරණය, යහ පාලනය, විනිවිදභාවය, සමාජ සමානාත්මතාව, වගවීම හා පරිසර හිතකාමී විසඳුම් ආදී වූ බැංකුවේ බහුවිධ කැපවීම පෙන්නුම් කරමින් බව බැංකුව පවසයි.

තිරසාර බව උදෙසා වූ කැපවීම සංකේතවත් කරමින් කොමර්ෂල් බැංකුවේ නවමු ලාංඡනය එළිදකියි

(ඉහළ) කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා බැංකුවේ නව ලාංඡනය එළිදැක්වීමට සහභාගී වෙමින් සහ (පහළ) බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සමඟ නව ලාංඡනය සහිත බැංකුවේ වෙබ් අඩවිය එළිදැක්වූ අවස්ථාව.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි, සනත් මනතුංග මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “තිරසාර බව සඳහා වූ අපගේ කැපවීම හුදෙක් අලංකරණ වචනයක් නොවේ. එය අපගේ තීන්දු තීරණ, ක්‍රියාවන් හා අපි ලබාදෙන සේවාවන්ට ආභාෂය ලබා දෙමින් අපගේ ෘභ් තුළට මුල් බැසගෙන තිබේ. අපි සිදු කරන සියළුම කාර්යන්වලදී අප තිරසාර බැංකුවක් වන අතර සිය ආයතනික අනන්‍යතාවය තුළ එම කැපවීම ප්‍රකාශනය කළ ශ්‍රී ලංකාවේ පළමු ආයතනය වේ. අපගේ පාර්ශවකරුවන්, සේවානියුක්තිකයින්, ගනුදෙනුකරුවන්, කොටස් හිමියන් හා ව්‍යාපාරික හවුල්කරුවන් එය බැලූ බැල්මට අවබෝධ කර ගැනිම අපට අවශ්‍යයි.”

“නව ලාංඡනය අපගේ සියළුම මෙහෙයුම් තුළ හා අප ව්‍යාපාර කරන ආකාරය තුළ පූර්ණ තිරසාරත්වය සඳහා වූ අපගේ කැපවීම පිළිබිඹු කරයි. කඩදාසි රහිත ගනුදෙනු, වගකිවයුතු අනුකූලතා පිළිවෙත් සහ මෙහෙයුම් වලදී බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම ආදී ක්‍රියාවන් මෙයට අයත් වනවා,” යනුවෙන් මනතුංග මහතා තවදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment