තුසිත හල්ලොලුව ට වෙඩි ප්‍රහාරයක්

31

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ .

තුසිත හල්ලොලුව මහතා පසු ගිය දිනවල,ජනාධිපති අනුර කුමාරට එරෙහිව චෝදනාවක් එල්ල කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබීය.වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව වාර්තා වෙයි.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයේ රියදුරු සහ නීතිඥවරයා ද සිටි බව වාර්තා වේ .

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතාට කිසියම් පහරදීමක් සිදුකර ඇති අතර ඉන් තුවලා ලබා ඒ මහතා රෝහල් ගත කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත .


advertistmentadvertistment