තේ පෝර සහනාධාරය රු. 4000ට නංවයි

34

තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබාදීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ දැමීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ වනවිට රටේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් මිලියන 260ක් දක්වා පහත බැස ඇති අතර එම ප්‍රමාණය මෙටි්‍රක් ටොන් මිලියන 300ක් දක්වා ඉහළ දමා

ගැනීමේ අරමුණින් මෙම සහනාධාරය ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව ලබන මහ කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ලබාදීමට නියමිත අතර මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන 02ක් වැය වේ. එම මුදල ලංකා තේ මණ්ඩලයේ අරමුදල් මගින් ලබාදීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සුජීව තත්සර


advertistmentadvertistment