දඹුල්ල තන්ඩර්ස් දඹුල්ල සික්සර්ස් වෙයි

71

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ අයිතිය ලොස් ඇන්ජලීස් හි පිහිටි Sequoia Consultants, Inc සමාගම විසින් හිමිකර ගෙන ඇත.

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි Sequoia Consultants, Inc සමාගම ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වේ.

Sequoia Consultants බහුතර කොටස් හිමිකාරීත්වය Sequoia Consultants, Inc හි ප්‍රධාන විධායක නිලධාරි සහ සභාපතිවරයා වන වරලත් සිවිල් ඉංජිනේරුවරයකු වන ප්‍රියංග ද සිල්වා මහතාට හිමි වේ.

හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ප්‍රියංග ද සිල්වා 1983 වසරේ ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර දැනට එක්සත් ජනපද මාස්ටර් අවුරුදු 60 ට වැඩි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.

“විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීමට මට ඇති ආශාව නිසාම මම දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මිලදී ගැනීමට මා පෙළැඹුණා’ යැයි ද සිල්වා මහතා පවසයි. “පසුගිය වසර හතර තුළ LPL තරගාවලිය ලීගයක් ලෙස වර්ධනය වන බව මම දුටුවා. එය අප වැනි කුඩා රටකට ප්‍රශංසනීයයි. මෙම වර්ධනයේ කොටස්කරුවකු වී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට දායක වීමට හැකිවීම ගැන මම සතුටට පත්වෙනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම නව ගැණුම්කරුවා සමගම දඹුල්ල කණ්ඩායම මින් ඉදිරියට දඹුල්ල සික්සර්ස් නමින් හඳුන්වනු ඇත.

දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවකු ලෙස මීට පෙර කටයුතු කළ ටමීම් රහ්මාන් නමැත්තා දූෂණ චෝදනා මත පසුගිය 22 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැණුනු අතර අනතුරුව එම හිමිකරුවන් සමග පැවැති ගිවිසුම අවසන් කිරීමට තරගාවලි සංවිධායකයෝ තීරණය කළහ.

Sequoia Consultants’ වැනි සමාගමක් කණ්ඩායමේ හිමිකරුවකු ලෙස සිටීම ගැන අපි අතිශයින් සතුටු වන අතර, එය තරගාවලියට සහ එහි අනාගතයට සුබදායක වනු ඇතැයි මට විශ්වාසයි,” LPL හි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment