සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රීක් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව පාර්ලිමේන්තුවට අද (23දා) පෙරවරුවේ දැනුම් දෙනු ලැබීය.
පසුගිය 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිලිලක් සැලිකිල්ලක් ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බව කතානායක කියා සිටි අතර පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම්කර ඇත.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ය.