දළ දේශීය නිෂ්පාදනයට ගිය වසරේ වැඩිම දායකත්වය බස්නාහිරින් – මහ බැංකුව කියයි

41

පසුගිය 2023 වසරේදී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා වැඩිම දායකත්වය ලබාදී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එහි අගය සියයට 43.7කි.

මෙම දායකත්වය සඳහා සේවා සහ කර්මාන්ත අංශයේ කැපීපෙනෙන දායකත්වයක් ලබාදී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මීට අමතරව සමස්ත දළ දේශීය නිෂ්පාදනය සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්වය ලබාදීමට වයඹ සහ මධ්‍යම පළාත් සමතත්ව තිබේ.

ඒ අනුව වයඹ පළාත සියයට 10.9ක් ද මධ්‍යම පළාත සියයට 10.3ක් ලෙසද එහි දායකත්වය ලබාදී ඇත.

කෘෂිකාර්මික කටයුතුවලදී වයඹ පළාත තවදුරටත් ඉහළම දායකත්වය ලබාදී තිබේ. එහි අගය සියයට 19.6කි.

දකුණු පළාත සියයට 13.5ක් ද මධ්‍යම පළාත සියයට 12.4ක් ද ලෙසින් දෙවන සහ තෙවැනි ස්ථානවලට පත්ව ඇත.

කර්මාන්ත ක්‍රියාකාරකම්වල ප්‍රමුඛත්වය තවදුරටත් බස්නාහිර පළාත දක්වා ඇත. එහි අගය සියයට 48.7කි.


advertistmentadvertistment