දැල්පන්දු කළමනාකාරිනි අනුෂාට ආදි මහාබෝධියෙන් ප්‍රණාම

111

ආසියානු කාන්තා දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිනි ක්‍රීඩා නිලධාරී අනූෂා මයුරනි මහත්මිය ක්‍රීඩා ක්ෂේත්‍රයට කළ සේවය අගයනු වස් ආදි මහාබෝධියන්ගේ ක්‍රීඩා සමාජය විසින් සියලුම ක්‍රීඩා සමාජ වෙනුවෙන් ගෞරව ප්‍රණාම දක්වන ලදී. එම ගෞරව සම්මානය කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් ප්‍රදානය කෙරුණු අතර ඒ සඳහා කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා ආදි මහාබෝධියන්ගෙ ක්‍රීඩා සමාජයේ සභාපති සුරත් ජයමාන්න මහතා ඇතුළු සාමාජිකයෝ සහභාගි වූහ.


advertistmentadvertistment