කළුතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තුන්දොල ග‍්‍රාමසේවා වසම තුළ පිහිටා ඇති පුස්සවල ග‍්‍රාමය හරහා ගලා බසින්නා වූ ”පුස්සවල දොළ” නමින් හඳුන්වන දොළ මාර්ගය, ඉහළ කඳුපන්තිවල ඇති උල්පත් වලින් ආරම්භ වී ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින්, අවට පරිසර පද්ධතියට ජීවය දෙමින්, අලංකාරවත් දිය ඇල්ලක්ද නිර්මාණය කරමින් පහළට ගලාගොස් බෙන්තර ගංගාව පෝෂණය කරයි.
ඉතාම වටිනා පරිසර පද්ධතියකයට උරුමකම් කියනා මෙම පුස්සවල දොළ දෙපස ඇති රක්ෂිත ප‍්‍රදේශයේ විශාල ගස් වැල් කිසියම් පිරිසක් විසින් යාන්ත‍්‍රික කියත් භාවිත කරමින් කපාදමා දැවැන්ත විනාශයක් සිදු කර ඇත. බිම හෙළා ඇති ඇතැම් ගස් වල කොටස් එම ස්ථානයේ සිටම කැබලිකර ඉරා රැුගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට හැකිවේ. ප‍්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම විනාශකාරී ක‍්‍රියාවන් වගකිවයුතු ආයතනවල කිසිදු අවසරයකින් තොරව හොර රහසේ සිදුකර තිබේ.
දොළ මාර්ගයක් දෙපස ඇති රක්ෂිතයක් තුළ කිසිදු අයෙකුට හිතුමනාපයට මෙවැනි විනාශකාරී ක‍්‍රියා සිදු කළ නොහැකි අතර යම් ක‍්‍රියාවලියක් සිදුකරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවකින් අවසර ලබා ගැනීම කළ යුතු වේ. එමෙන්ම මෙලෙස විනාශ කර ඇති භූමිය තුළ දුර්ලභ ශාක විශේෂ ගණානාවක් හමුවන අතර මෙම දොළ මාර්ගය තුළ මෙරටට ආවේනික වඳවීයාමේ තර්ජනයට පවා ලක්ව ඇති මත්ස්‍ය විශේෂයන් රැසක්ද දැක ගැනීමට හැකියාව ඇත.
මෙලෙස වටිනා රක්ෂිත භූමියක් විනාශ කිරීමෙන් ඒ ආශ‍්‍රිතව ජීවත්වන ශාක සහ සත්ත්ව ප‍්‍රජාවන්ට දැඩි තර්ජන ගෙන දෙන අතර දොළ රක්ෂිත පෙදෙසේ වන වැස්ම ඉවත්ව යෑම නිසා ජල පෝෂක ප‍්‍රදේශය වියළී යෑම සිදුවේ. එම නිසා දොළ මාර්ගයේ ජලය සිඳීයෑම පවා සිදුවිය හැකි අතර එය ප‍්‍රදේශයේ ජල අවශ්‍යතාවටද දැඩි බලපෑමක් එල්ල කරයි.
විශාල වටිනා කමක් සහිත දොළ රක්ෂිතයක්, මෙලෙස විනාශ කිරීම විශාල පරිසර හානියක් සේම අන් අයට වැරදි පූර්වාදර්ශයක් ද වන නිසා මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර හැකි ඉක්මනින්ම මෙම දොළ රක්ෂිතය සංරක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස වලල්ලාවිට යෞවන සමාජ ප‍්‍රාදේශීය මණ්ඩල මිහිකත සුරැුකීමේ කාර්යාංශය ඉල්ලා සිටී.
පේශල පසන් කරුණාරත්න
මිහිකත සුරැකීමේ කාර්යාංශ ලේකම්
යෞවන සමාජ ප‍්‍රාදේශීය මණ්ඩලය
වලල්ලාවිට