වසර තුනකට අධික කාලයක් ඉන්දියන් සාගරයේ දියෙගෝ ගාර්සියා දූපතේ රඳවා සිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් පිරිසක් බි්‍රතාන්‍යයට රැගෙන ගොස් තිබේ.
මෙම ශ්‍රී ලාංකික දෙමළ සංක්‍රමණිකයින්ට බි්‍රතාන්‍යයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව මාස හයක් එරට තුළ රැඳී සිටීමට අවසර තිබේ.
සංක්‍රමණිකයින් 60 දෙනකුගෙන් යුත් මෙම කණ්ඩායමේ වැඩි දෙනකු 2021 ඔක්තෝම්බර් මාසයේ සිට දියෙගෝ ගාර්සියා හි තාවකාලික කඳවුරක වාසය කර තිබේ. මෙම කඳවුර තුළ ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් පිළිබඳ චෝදනා ද එල්ල විය.
මෙහි විසූ සංක්‍රමණිකයන් බීබීසීයට පවසා තිබුණේ, එය ‘අපායේ’ ජීවත් වීමට සමාන බවයි.
චතුර පමුණුව