දුම්වැටි නිසා දිනකට ශ්‍රී ලංකාවේ මරණ 50ක්

89

ලෝක දුම්වැටි නිවාරණ දිනය අද

ලෝක දුම්වැටි නිවාරණ දිනය අද (31දා) ට යෙදී ඇත. මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය තෝරාගෙන ඇත්තේ “දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්‍ෂා කර ගනිමු” යන්නයි.

දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලංකාවේ පනස් දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්වන අතර, වසරකට 20,000ක් (විසි දහසක්) පමණ අකාලයේ මරණයට පත්වන බැව් මiසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් මිලියන 08ක් (අසූ ලක්‍ෂයක්) දුම්වැටි නිසා අකාලයේ මියයන බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අතර, මේ අතරින් ලක්‍ෂ නවයකගේම ජීවිත අහිමි වන්නේ දුම්වැටි භාවිතා කරන්නන් අසල සිටීම හේතුවෙනි.

ගෝලීය වශයෙන් සිදුවන ආර්ථික, සමාජයීය, සෞඛ්‍ය හා පාරිසරික හානිය නිසා දුම්කොළ භාවිතයෙන් ලෝකය නිදහස් කර ගැනීමට, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ භාවිතය වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති රාමුවක් (WHO Frame work Convention on Tobaeew Control – FCTC) 2023 වර්ෂයේදී හඳුන්වාදුන් අතර ඒ සඳහා ලෝකයේ රටවල් 183ක් අද වනවිට අත්සන් තබා ඇත. 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව මෙම ප්‍රතිපත්ති රාමුව සඳහා අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ සිගරැට් භාවිතය සැලකිලිමත් වේගයකින් අඩුවුව ද ශ්‍රී ලංකාවේ මිලියන 1.5ක් තවමත් සිගරැට් භාවිතා කරන අතර, එලෙස සිගරැට් භාවිතය 9.1%ක් දක්වා අඩු වී ඇතැයි GATS Survey (Global Adult tobacco) වාර්තාවාක් උපුටා දක්වන මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරයි. එලෙසම දුම්කොළ සමාගම් වාර්තාවලට අනුව පසුගිය 2023 වසර තුළ සිගරැට් නිෂ්පාදනය 19%කින් අඩු වී ඇතැයි වාර්තා වේ.

මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේදී (මැයි 31) දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් දරුවන් ආරක්‍ෂා කිරීම පිළිබඳව වැඩි අවධානයක් දක්වන මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය දුම්වැටි සමාගම්වල ප්‍රචාරණය සඳහා වසරකදී ඇමරිකානු ඩොලර් මිලියන 0.8ක් පමණ වැය කරන බැව් ද සඳහන් කරයි.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment