ලලිත් චාමින්ද

දුම්වැටි අලෙවිය පහත වැටීම නිසා මෙම වර්ෂයේ (2024) මුල් මාස අටේ දී දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 71.6 දක්වා සියයට 10.8කින් පහළ ගොස් ඇති බැව් පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.

සියලුම දුම්වැටිවලට අදාළ නිෂ්පාදන බද්ද මෙම වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට 14කින් ඉහළ දැමූවද දුම්වැටිවල අලෙවිය දුම්වැටි මිලියන 1,228 දක්වා සියයට 21.8කින් පහළ ගොස් තිබුණි.

ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස අටේ දී දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.3කි.


advertistmentadvertistment