දෙනෝදාහක් බලා සිටියදී  මතුගම මූල්‍යායතනයට පහරදුන් සැකකරු නිදැල්ලේ  

192

මතුගම නගරයේ පිහිටි මූල්‍ය ආයතනයකට කඩුවකින් පහරදී අලාභහානි සිදුකර පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම සිද්ධිය 09 වැනිදා සවස 6.00 ට පමණ දෙනෝදාහක් දෙනා බලා සිටියදී සිදුවී තිබේ.

මෙම පහර දීමට සම්බන්ධ පුද්ගලයා පානදුර පදිංචි අයකු බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට පිටත් කර හැරි බවත් මතුගම මූලස්ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (11 වැනිදා) පැවසීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment