සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.ඊයේ (13දා) පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණි.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 173ක් රැස් කර ගැනීමට සමත් විය.ජයග්‍රහණය සඳහා ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 166 ක් පමණි.හසිතා සමරවික්‍රම 64,කවීෂා දිල්හාරි නොදැවී 51යි. ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 1 – 1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.
|