දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ 88 වැනි සංවත්සරය 03දා

0

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ 88 වැනි සංවත්සරය ලබන 03දා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කාර්ය මණ්ඩලය සැලසුම්කර තිබේ.

වර්ෂ 1926 දී “ලංකා සත්ව උද්‍යාන සමාගම”‍ නමින් ආරම්භ කළ දෙහිවල සත්ව උද්‍යානය 1936 ජූලි මස 03 දින රජයේ පාලනයට නතු විය. එතැන් සිට විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් පැවත ආ මෙම ආයතනය ලබන 03 වැනි දින සිය අභිමානවත් 88 වැනි සංවත්සරය සමරයි. එදින පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා සත්ව උද්‍යාන පරිශ්‍රයේදී විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර ප්‍රධාන උත්සවය උදේ 9.00 ට පැවැත්වීමට නියමිතය. මෙදින වයස අවුරුදු 12 න් පහළ ළමුන්ට දෙහිවල ජාතික සත්ව උද්‍යානය නොමිලේ නැරඹීමට සත්ව උද්‍යාන පාලනාධිකාරිය අවස්ථාව උදා කර තිබේ.

ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment