වයසට නොයන දේශපාලනය

90

වයස්ගත අය දේශපාලනයට එපා කියන්නේ නිකම් නොවේ. වයස්ගත වීම දේශපාලනයට නුසුදුසු බවට බොහෝ දෙනා අදහස් ඉදිරිපත් කරද්දී වයස අපට ප්‍රශ්නයක් නොවේ යැයි දේශපාලඥයන් සඳහන් කරති.

මෙය අපේ රටට පමණ පොදු තත්ත්වයක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ පෝලින් නිව්මන් මේ වෙන විට 96 හැවිරිදිය. නමුත් ඇය විශ්‍රාම ගැනීමට සූදානම් නැත. වයස අවුරුදු 75 ඉක්මවූ අය අනිවාර්යෙන්ම විශ්‍රාම ගැන්විය යුතු බව එරට රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක නිකී හේලි කියා සිටිනවා. මෙම දේශපාලඥයන් මානසික නිපුනතා පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බව ඇගේ අදහසයි.

මේ අදහසට විරුද්ධව තර්ක ඉදිරිපත් කරන තවත් පිරිසක් සඳහන් කරන්නේ කැමරුන් ජනාධිතිවර පෝල් කැමරන්ගේ වයස අවුරුදු 90 ක්. දැනට ලෝකයේ වයස්ගතම නායකයා ලෙසින් සැලකෙන ඔහුට රාජ්‍ය පාලනයට වයස ප්‍රශ්නයක් නොවන්නේ නම් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නායකයන්ට පමණක් වයස ගැටලුවක් විය නොහැකි බවටත් තර්ක නගති.

2024 එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට 80 හැවිරිදි ජෝ බයිඩන් සහ 77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වීමට අදහස් කරනවා. ඔවුන්ගේ වයස සාමාන්‍ය ඇමරිකානුවෙකුට වඩා දෙගුණයක්. ඇසෝසියේට්ඩ් ප්‍රෙස් සහ මහජන කටයුතු සඳහා වූ නෝර්ක් සංවිධානය ජනාධිපතිවරුන්ගේ වයස සැලකිය කරුණක් ලෙස දකිති. YouGov විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 75 ඉක්මවන පුද්ගලයෙක් ජනාධිපති වීම අභියෝගාත්මක තත්ත්වයකි. ‘විෂ සහිත වයස්වාදය’ යනුවෙන් ඔවුන් මෙය පෙන්වා දෙනවා.

● වයසත් සමග වෙන දේ..

ස්නායු වෛද්‍ය විද්‍යාවට අනුව වයසත් සංජානන ක්‍රියාකාරීත්වය පුළුල් ලෙස වෙනස් වෙනවා. ඇතැම් කුසලතාවන් හීන වෙනවා. සමහර කුසලතාවන් වර්ධනය වෙනවා. නමුත් නීරෝගි පුද්ගලයෙකුගේ වුණත් වයස අවුරුදු 30 දි පමණ මානසික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා. වයස අවුරුදු 70 ක් පමණ වෙන විට මෙම ක්‍රියාවලිය තවත් වේගවත් වෙනවා. මොළයේ ශ්වේත ද්‍රව්‍යන්ට හානි වීම නිසා මොළයේ උසස් මානසික ක්‍රියාකාරිත්වය තව දුරටත් අඩාල වෙනවා. වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ගෙන් තුනෙන් එක් දෙනකුට මේ තත්ත්වය බලපානවා.
 
කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ස්නායු දේශපාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාර්ක් ෆිෂර් සඳහන් කරන අන්දමට වයස අවුරුදු 60 දි පමණ සිට පුද්ගලයෙකුගේ සංජානන ක්‍රියාවන් ඉතා වේගයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා.

සිතීමේ සහ ගැටලු විසඳීමේ සංජානන නම්‍යශීලිත්වය දේශපාලන නායකයන්ට අත්‍යවශ්‍යයි. අවිනිශ්චිත සහ අවදානම් අවස්ථාවලදී හොඳ මට්ටමේ තීරණ ගැනීමට නම් විශිෂ්ට සංජානන හැකියාවක් අවශ්‍ය වෙනවා. දේශපාලනයේදී තීන්දු තීරණ ගැනීම ඉක්මන් වීම වගේම බුද්ධිමත් වීමත් අවශ්‍යයි. සංජානන නම්‍යශීලිත්වය අඩු වුණ විට බුද්ධිමත් තීරණ ගැන සිතීම අපහසු බැව් කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලයේ සායනික ස්නායු මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය බාබරා සහාකියන් සඳහන් කරනවා. පුද්ගලයෙකුගේ සංජානන ක්‍රියාවලිය වයස අවුරුදු 60 සිට වේගයෙන් පිරිහීමට පටන් ගන්නා බව ස්නායු දේශපාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාර්ක් ෆිෂර්ද සඳහන් කරන්නේ සංජානන දුර්වලතාවන් ඇති පුද්ගලයන්ගේ දේශපාලන හැසිරීම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව සිදු නොවන බව කැනඩාවේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දි තිබෙනවා.

● අතිශය වයස්ගත වීම (super agers)

මේ අතර අතිශය වයස්ගත වුණත් වයසින් අඩු පුද්ගලයන්ට වඩා මානසික තීක්ෂණතාවකින් යුක්ත පුද්ගලයන් සිටිති. ඔවුන් super agers යනුවෙන් හඳුන්වනු ලබනවා. පුද්ගලයෙකුගේ මතකයට බලපාන එන්ටොරයිල් බාහිකයේ සෞඛ්‍ය සම්පන්න නියුරෝන දැක ගන්න ලැබෙනවා. ඒ වගේම මතක පරීක්ෂණවලදී තරුණ කණ්ඩායම් අභිබවන අන්දමින් ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. සමහර පුද්ගලයන් වයසින් අවුරුදු 70 ක් වුණත් අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට වඩා හොඳින් තොරතුරු ග්‍රහණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම වයසින් අවුරුදු 60 ක් වුණත් අවුරුදු 20 ට අඩු පුද්ගලයෙකුට වඩා හොඳ වචන මාලාවක් තිබෙනවා. අවුරුදු 60 ක් වුණත් වචන පිළිබඳ භාවිතයට එයින් හානියක් සිදු නොවන බව තවත් අධ්‍යනයකින් පෙන්වා දී තිබෙනවා. මියුනිච් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මනෝ චිකිත්සාව පිළිබඳ සම්මානිත මහාචාර්ය හාන්ස් ෆොස්ට්ල් සඳහන් කරන්නේ රාජ්‍ය නායකයෙකුගේ සංජානන සංකීර්ණත්වය සහ අභියෝග ග්‍රහණය කර ගැනීම තක්සේරු කිරීම අපහසු බවයි.

රාජ්‍ය නායකයෙකුට තිබෙන අභියෝග හැම අතින්ම සුවිශේෂයි. යෝග්‍යතාවය, බුද්ධිය, අත්දැකීම් සහ ප්‍රඥාව එකතු වූ විට ඒවා මැන බලන්න කිසිම පරීක්ෂණයකට බැහැ. ඒ නිසා ජීව විද්‍යාත්මක වයස පමණක් නායකත්වයට සුදුසුකමක් ලෙස සැලකීම ගැන තවදුරට සිතන්නට අවශ්‍ය වී තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment