කිතුල්ගල වීරයාට පොලිසියෙන් සම්මාන

13308

කිතුල්ගලදී ත්‍රීවිල් රියකින් වැටුණු මාස තුනක් වයසැති දරුවාගේ ජීවිතය බේරාගන එම සිඟිති දරුවා මව්පියන්ට භාරදීමට ක්‍රියාශීල වූ වෙළෙඳ ව්‍යාපාරික මාතර රුවන් සජිත් කුමාර මහතාට සම්මාන තිළිණයක් ප්‍රදානය කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

කිතුල්ගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. එම්. සී. අනුරපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ මේ පිළිබඳව අද හෙටම පොලිස්පතිවරයා වෙත කරුණු දැනුම්දෙන බවයි.

මේ අතර මෙම දරුවාගේ පියා වූ මීගමුවේ කුවනේෂන් මහතා කීවේ,

කතරගම දෙවියන්ට බාරයක් වී දරුවාගේත් තමාගේත් හිසබූගා නුවරඑළි ගොස් ත්‍රිරෝද රථය පැදවීමට තම මිත්‍රයාට භාරදී, තමාත් බිරිඳත් දරු තිදෙනාත් නින්දට වැටුණු බවය. මේ මොහොතේ බිමට වැටුණු දරුවා තම බිරිඳගේ තුරුලේ සිටි බව ද ඔහු කීවේය.

දරුවාගේ ජීවිතය බේරාදුන් රුවන් සජිත් කුමාර මහතාට ස්තුති කරන අතර ඒ මහතා අද හෙටම හමුවන බව ද හෙතෙම පැවසීය.

ඒ මහතාගේ අතට දරුවා හමුනොවන්නට තමාටත් බිරිඳටත් ඇතිවන තත්ත්වය ගැන ප්‍රශ්නයක් යැයි ද හෙතෙම සඳහන් කළේය. කතරගම දෙවියන්ගේ පිහිටෙන් අපට දරුවා ලැබුණේ යැයි ද ඒ මහතා කීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment