කොස්තාපල් ගිනි අවි පෙන්වා ගෙදරකින් රු. 32000ක් බලෙන් අරන්

269

ඌරගහ පොලිස් වසමේ පිහිටි නිවසකට ගොස් ගිනි අවි පෙන්වා තර්ජනය කර රුපියල් තිස් දෙදාහක මුදලක් ලබා ගත්තේ යැයි කියනු ලබන පොලිස් කොස්තාපල්වරයකු ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සපුගස්කන්ද පොලිසියේ සේවය කළ මෙම කොස්තාපල්වරයා මීට සති කීපයකට උඩදී මෙම කොල්ලකෑම සිදුකර ඇති බවට ලැබුණු තොරතුරු අනුව විමර්ශන කළ එම පොලිස් කණ්ඩායම මෙම කොස්තාපල්වරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment