හදවතින් දුටු කඳ සුරිඳු 03 වැනිදා සිට දෑසින්ම දැකගන්න – කදිර දිව්‍යරාජ

565

දේව කතා සාහිත්‍යයෙහි මිනිස් දුවක් සරණ පාවා ගත් දෙවියකු ගැන සඳහන් වන්නේ කතරගම දෙවියන් ගැන පමණි. එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කර, ඒ ආලයේ මහිමයෙන් ඔහු කතරගමට ගෙන්වා ගෙන සරණ කරගත් රූමතිය වැදි ජනයා අතර හැදුණු වැඩුණු වල්ලී ය. ඔවුන් දෙදෙනාගේ කථා වස්තුව විචිත්‍රවත් ප්‍රේම වෘත්තාන්තයකි. ශිව පාර්වතී මංගල්‍යය, කඳ කුමරුන්ගේ ඉපදීම, අසුර පරාජය, දුටුගැමුණු කඳ සුරිඳු මිත්‍රත්වය, කතරගම දෙව්ලේ මූලාරම්භය හා ගණ දෙවියන්ගේ හමුව ඇතුළු ඇසූ නොඇසූ කථා කදිර දිව්‍යරාජ සිනමාපටය තුළින් නැරඹිය හැකිය.

හදවතින් දුටු කඳ සුරිඳු 03 වැනිදා සිට දෑසින්ම දැකගන්න - කදිර දිව්‍යරාජ

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ මංගල ප්‍රදර්ශනයට සමගාමීව චිත්‍රපටය නොමිලේ නැරඹීම සඳහා වන දිනුම් ඇදීමක් නිෂ්පාදන කණ්ඩාම සූදානම් කර ඇත. ඒ රයිගම් දෙවැනි 1 සියයට සියයක් සහල් නූඩ්ල්ස් මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහායි. රයිගම් දෙවැනි එක පැකට්ටුවක් මිලදී ගෙන එහි ඇති අත්පත්‍රිකාවේ සඳහන් අංකය කෙටි පණිවුඩයක් මගින් දුරකථන අංක 070 – 7060062 වෙත එවීම මගින් මෙම දිනුම් ඇදීමට ඇතුළත් විය හැක. සතියේ දිනවල දිනපතා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් 12 දෙනෙක් සඳහා කදිර දිව්‍යරාජ චිත්‍රපටය නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍රදෙක බැගින් හිමිවේ.

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ප්‍රධාන චරිත ද්විත්වය භාරතීය රංගන ශීල්පී සමර් වර්මානි සහ භාරතීය රංගන ශිල්පිනී සොනාක්ෂි සිං රාවන් යන දෙපළ අතින් නිරූපිත අතර ප්‍රවීණ නළු නිළියන් රැසක්ද මෙම සිනමා නිර්මාණයට රංගනයෙන් දායකත්වය සපයා ඇත. කදිර දිව්‍යරාජ සිනමා සිත්තම අධ්‍යක්ෂණය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වන අතර නිෂ්පාදනය ආචාර්ය රවී ලියනගේ විසිනි. හදවතින් දුටු කඳ සුරිඳු දෑසින්ම දැකගන්න කදිර දිව්‍යරාජ චිත්‍රපටය එළැඹෙන අගෝස්තු මස 03 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල දී තිරගත කෙරේ.

හදවතින් දුටු කඳ සුරිඳු 03 වැනිදා සිට දෑසින්ම දැකගන්න - කදිර දිව්‍යරාජ
advertistmentadvertistment
advertistmentadvertistment