දේපළ බදු ගහන්න කලින් තාක්‍ෂණික වාර්තා මැතිසබයට දෙන්න – විපක්‍ෂ නායක සජිත්

58

දේපළ බද්ද වැනි නව බදු ජනතාවගේ කරපිට පැටවීමට පෙර ඊට අදාළ තාක්ෂණ වාර්තා මෙන්ම බදු පැනවීමට හේතු සභාවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) ප්‍රකාශ කළේය.

ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන ලොකු ආන්දෝලනයක් සමාජයේ ඇති බවත් මෙරට බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරද්දී එයට පදනම් වූ මූල්‍ය දත්ත හා තොරතුරු ඉදිරිපත් කරන බව ජනාධිපති කියා ඇතත් ඊට අදාළ වාර්තා තවමත් සභාගත කර නොමැති බවත් හෙතෙම පැවසීය.

ඊට අමතරව අයිඑම්එෆ් සමග අත්සන් කරන ලද ගිවිසුම රටේ ඉදිරි ගමනට බාධාවක් නොවිය යුතු බවත් ඔවුන්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයට ජනතාවට බදු පැනවීමට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා කීය.

එමෙන්ම අලුතින් මෙම බදු පනවනවා වෙනුවට බදු පරිපාලනය ඩිජිටල්කරණය මෙන්ම බදු දැලෙන් පිට ඉන්නා අය බදු දැලට හසු කර ගැනීම සුදුසු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment