ද.ආසියාවේ ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ශ්‍රී ලංකාවටත් ස්ථානයක්

433

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව ඇත.

වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට වන අතර නේපාලය දෙවන ස්ථානයේ පසුවේ.
ඉන්දියාව පස් වැනි ස්ථානයේත් පාකිස්තානය හත් වැනි ස්ථානයේත් පසුවේ.

ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානය හිමිව ඇත්තේ අයිස්ලන්තයටය.

දෙවන ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නොර්වේ රාජ්‍යය තෙවන ස්ථානයේත් නවසීලන්තය සිව්වන ස්ථානයේත් ස්වීඩනය පස් වන ස්ථානයේත් පසු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment